Address

Muhudu Maha Viharaya, Pothuvil

Telephone

+9463-3730612
+9477-6166700
+9471-1726119

Muhudu Maha Viharaya, Pothuvil

+9463-3730612 / +9477-6166700 / +9471-1726119

Muhudu Maha Viharaya, Pothuvil

+94633730612 / +9477-6166700 / +9471-1726119

History

  • History
  • ඉතිහාසය

Muhudu Maha Viharaya is near the sea coast, east of the Pothuvil town in Panama divisional Secretariat Division of the Ampare District. Believed to be 2,300 years old, here landed Princess Devi, the brave daughter of Kelani Tissa, sacrificed to spare her people from the wrath of the gods. Here she met King Kavantissa of the Ruhunu Kingdom.

After King Kelanitissa of the Maya Kingdom sacrificed his daughter to the waters, word spread to King Kavantissa. He placed soldiers, fishermen and farmers on guard to look out for the royal boat. It eventually landed here, on the premises of what was then known as the Thottalagala Viharaya, built by the first ruler of Ruhuna, King Maha Naga. Here the princess was bathed according to ritual before being carried upon an elephant to the Magul Maha Viharaya for the consecration of the royal marriage. The village name Komari was coined by King Kavantissa's eager search for the princess calling out to all he met "Ko Kumari?" meaning "Where is the Princess?", it is rumoured they pointed in the direction of the shores and informed the King "Ara gam bokkey", which translates to "the princess is at a village near the bay",this bay is today called Arugam Bay, a name known far and wide for surf-friendly waves. Those involved in the search and rescue were rewarded with nindagam (villages) and 10 akkara (acres) of land. Today these places are known as Nindur and Akkaraipattu. . Even though many people consider that Kirinda is the place where Viharamaha Devi landed, according to Historical facts, it is believed to be Muhudu Maha Viharaya in Pothuvil .A large number of artifacts are buried in the sand dunes generated by the waves. At an elevated site on the sea coast is seen the ruins of a Dagoba. The remains of a pillared structure are found on west of the Dagoba. A torso of a standing Buddha image made of limestone could be found inside this structure, which appears to be an image house. To the south of this are the remains of another structure. Muhudu maha viharaya used to be a large complex, currently restricted to a small area due to land acquisition by the villagers. It had owned 264 acres during the British rule and by the time this site was gazetted in 1965, the land has shrunk to 30 acres with over 200 acres grabbed by the villagers. With the LTTE terrorists chasing away all the Sinhalese from the eastern region, this area went unchecked and by the time the war ended, further 27 acres has been grabbed by them leaving only 3 acres of Muhudu Maha Viharara. During the LTTE war and thereafter, a single Buddhist priest has been living here protecting this site, somedays this thero had lived without a single meal with almost non existent Buddhist community to support the temple.This great monk is Rev.katharagama siriratana thero

මුහුදු මහා විහාරය අම්පාර දිස්ත්‍රික්කයේ , පානම ප්‍රදේශයේ ලේඛම් කොට්ටාශයේ , පොතුවිල් නගරයේ නැගෙනහිර දෙසින් මුහුදු තීරය ආසන්නයේ පිහිටි බෞද්ධ විහාරස්ථානයකි. වසර 2300 කට පමණ පෙර දේව උදහසක් හේතුවෙන් මුහුද ගොඩගැලූ අවස්ථාවේ බිලි දුන් කැලණිතිස්ස රජුගේ වීර දියණිය වන දේවි කුමරිය ගොඩබට ස්ථානය මෙය ලෙස විශ්වාස කරයි. 

මෙහිදී ඇයට රුහුණු රජ කළ කාවන්තිස්ස රජු මුණ ගැසීම සිදු විය. මායා රාජධානියේ රජ කළ කැළණිතිස්ස රජු තම දියණිය මුහුදට බිලි දුන් බව ආරංචි වූ කාවන්තිස්ස රජතුමා රාජපුරුෂයන්ට අට්ටාල ගසාගෙන බලා සිටින ලෙස නියෝග කර ඇති අතර කුමරිය මෙම ස්ථානයට ගොඩ බැස ඇත. රුහුණේ පළමු රජතුමා වන මහා නාග රජතුමා විසින් ඉදිකරන ලද තොට්ටලගල විහාරය එවකට මෙහි පිහිටා තිබිණි. ජනප්‍රවාදයේ පැවති ඇත්තේ විහාරමහා දේවිය මෙම ස්ථානයට රැගෙන විත් හදුන් කල 7කින් නහවා සියලු ආභරණ ආයිත්තම් නිදන් කර මගුල් ඇතා පිට ලාහුගල මගුල් මහා විහාරයට රැගෙන ගොස් විවාහ වී ඇති බවයි. දේවිය ගොඩ බැස්ස ආරංචිය ලද රජතුමා පැමිණ "කෝ කුමරිය" කියා ඇසු නිසා කෝමරියා නමැති ගමට නම වැටී ඇත. එවිට අත දික් කර "අර ගමේ බොක්කේ" කියා පෙන්වූ ගම අරුගම්බේ විය. කුමරිය ගොඩ බසින දිශාව අට්ටාල ගසාගෙන බලා සිටි උදවියට තෑගි වශයෙන් ලබා දුන් නින්ද ගම් අද නින්දුර් ලෙසද අට්ටාල ගසාගෙන සිටියදී කුමරියව දුටු ස්ථානය අට්ටාලච්චේන නම් වේ. බොහෝ පිරිසක් විසින් විහාරමහාදේවිය ගොඩ බැසූ ස්ථානය කිරින්ද ලෙස සැලකුවද අයිතිහාසික මුලාශ්‍ර අනුව එම ස්ථානය පොතුවිල් මුහුදු මහා විහාරය ලෙස විශ්වාස කෙරේ. 

මෙහි ඇති බොහොමයක් නටබුන් වැලි තලාවෙන් වැසී ගොස් ඇත. මෙහි ඇති විහාර ගෙයි තිබෙන පිළිම සාදා ඇත්තේ චන්ද්‍ර කාන්ති පාෂාණ යොදා ගෙනය. එම පිළිම සද එලියට දිලිසේ. මුහුදු මහා විහාරය තුළ සංඝයා වාසයක සලකුණුද දැකගැනීමට හැකි අතර එහි මහරහතන් වහන්සේලා විසු බවට විශ්වාස කෙරේ. වර්තමානයේ පඩුරු බැද ඇති ගල් කණු සහිත ස්ථානය විහාර මහා දේවියගේ ආභරණ ආයිත්තම් නිදන් කළ ස්ථානය ලෙස සැලකේ. නමුත් පුරාවිද්‍යා මතය වන්නේ මෙම ස්ථානයේ සීමාමාලකයක් තිබු බවයි. වෙරළ ආසන්නයේ ගිලා බැසුනු චෛත්‍යයක් ඇති අතර, විහාරමහා දේවිය පැමිණි රන් ඔරුව නිදන් කොට එය සදා ඇති බව කියවේ. අතීතයේ අක්කර 264 තිබූ මුහුදු මහා විහාරය සතු ඉඩම් ගැසට් නිවේදනයකට අනුව අක්කර 30 දක්වා අඩු කර ඇත. එයිනුත් අදට ඉතිරිව ඇත්තේ අක්කර 3ක භුමි භාගයක් පමණි. එල්.ටී.ටී.ඊ. යුද සමය තුළ මෙම ප්‍රදේශයේ විසු සිංහල ජනතාව පලවා හැර ඇති අතර එම කාල සමය තුළ වැඩ වාසය කරමින් එය ආරක්ෂා කර ඇත්තේ පුජ්‍ය කතරගම සිරිරතන හිමියන් විසිනි.